දෙවිනුවර පෙරහැර වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක්

Date:

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා ඇති බව පොලීසිය පවසයි.

මීට අමතරව, බුද්ධි අංශ නිලධාරීන්ද ආරක්ෂක රාජකාරි සඳහා යොදවා තිබේ.

ගන්දර පොලිස් වසමේ පිහිටි දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ පළමු පෙළි පෙරහර අද (23) ආරම්භ වන අතර, ජූලි 29 වැනිදා මහා පෙරහර පැවැත්වීමෙන් අනතුරුව එය අවසන් වේ.

කාවඩි පෙරහර ජූලි 28 වැනිදාත්, රන්දෝලි පෙරහර ජූලි 29 වැනිදාත් පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

එම දිනවල පස්වරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ–කතරගම ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව, මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් කරන වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර–යටියන මාර්ගයට පැමිණ, කැකණදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකිය.

තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් කරන වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගමන් කර, දික්වැල්ල–වේහැල්ල මාර්ගය ඔස්සේ කැකණදුර හන්දියට පැමිණ කැකණදුර–මාතර මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකිය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් විශාල පිරිසක් පෙරහර නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, මහජනතාවගේ සහ දේපළවල ආරක්ෂාව මෙන්ම රථවාහන පාලනය සඳහා මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...