සෞදි තෙල් නැව් දෙකකට ප්‍රහාර

Date:

රතු මුහුදේ ගමන්ගත් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසුව එහි ගින්නක් හටගෙන ඇති අතර, එහි සිටි නාවිකයින් පිරිස සුරක්ෂිතව සිටින බව සෞදි රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.

යේමනයේ අන්සාර් අල්ලාහ් හෙවත් හූති සංවිධානය විසින් රතු මුහුදේ සිදු වූ මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන ඇත.

සෞදි අරාබියට එරෙහිව හූති සංවිධානය විසින් සමුද්‍රීය තහනමක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිව තිබේ.

එමෙන්ම මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ වැසී ගොස් ඇති හොර්මුස් සමුද්‍ර සන්ධියට අමතරව, ලෝකයේ තවත් ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන බබ් අල්-මන්ඩැබ් සමුද්‍ර සන්ධිය වෙත ද මේ වන විට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.

නාවික නිරීක්ෂණ දත්තවලට අනුව සවුදි අරාබි තෙල් පීප්ප මිලියන හතරක් රැගත් චීන තෙල් නැව් දෙකක් බබ් අල්-මන්ඩැබ් සමුද්‍ර සන්ධිය හරහා රතු මුහුදෙන් පිටවීම සඳහා ගමන් කරමින් සිටී.

සෞදි අරාබියට එරෙහිව පනවා ඇති නාවික තහනම හූති සංවිධානය විසින් කෙතරම් තදින් ක්‍රියාත්මක කරන්නේද යන්න පරීක්ෂා කෙරෙන ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙම නෞකා ද්විත්වයේ ගමන හැඳින්විය හැක.

මීට පෙර සෞදි තෙල් නැව් දෙකකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව හූති සංවිධානය ප්‍රකාශ කළේය.

අමෙරිකාව සහ ඉරානය අතර නැවත ආරම්භ වූ සටන් හේතුවෙන් ප්‍රධාන හොර්මුස් සමුද්‍ර සන්ධිය වැසී යාමත්, ඊට අමතරව හූති සංවිධානයේ මෙම රතු මුහුදේ තහනම ක්‍රියාත්මක වීමත් නිසා ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇත්තේ දැඩි අර්බුදකාරී තත්ත්වයකටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු පරීක්ෂාවකදී නිවසකින් ගිනි අවියක් හමුවෙයි

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිදුකරන...

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...