බංග්ලාදේශ ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි

Date:

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟය.

2024 වසරේදී පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණ මර්දනය කරමින් පුද්ගලයන් 1,400කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තරායකර අපරාධ අධිකරණය විසින් හසීනාට අයිතිවාසිකම් අහිමි කරමින් මරණ දඬුවම නියම කර තිබේ.

එම නඩුවලට මුහුණ දීම සඳහා තමා නැවත බංග්ලාදේශයට පැමිණෙන බව හසීනා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය කරළියට පැමිණ ඇත.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත ගොස් සිටින පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දින් අහමඩ් මහතා ආපසු පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉල්ලා අස්වීමට නිල වශයෙන් සෞඛ්‍ය හේතූන් දැක්වීමට ඉඩ ඇති බවට වාර්තා වන අතර, පාලක බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නායකයින්ගෙන් එල්ල වූ දැඩි දේශපාලන බලපෑම මීට ප්‍රධාන හේතුව වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...