අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහළට

Date:

අද(24) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව, රතු ලූණු, රතු පරිප්පු, කඩල, රතු කැකුළු සහල්, බී-ලූණු, අර්තාපල්, නාඩු සහල්, සුදු සීනි, පාන් පිටි සහ ටින් මාළු යන භාණ්ඩවල මිල මෙලෙස අඩු කර ඇත.

දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් හරහා පාරිභෝගිකයින්ට මෙම භාණ්ඩ සහන මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමි වන බව එම ආයතනය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව ද ලංකා සතොස ආයතනය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...