ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ඉල්ලීමක්

Date:

මහනුවර, පුත්තලම, කුරුණෑගල, දිස්ත්‍රික්කයන් හී මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජල සම්පාදන ක්‍රම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක නොවන බැවින් ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ දිවයින පුරා පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා ක්‍රියාත්මක ජල සම්පාදන ක්‍රම රැසක ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වී ඇති බවය.

ජල සම්පාදන මණ්ඩලය විසින් දිවයින පුරා ජල යෝජනා ක්‍රම 343ක් ක්‍රියාත්මක කරන අතර එයින් ජල යෝජනා ක්‍රම 156කට බාධා එල්ල වී ඇතැයිද පෙන්වා දෙන එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් මණ්ඩලය විසින් ලබා දෙන ජලය භාවිත කරන පාරිභෝගිකයින් විශාල පිරිසක් අපහසුතාවටද පත්ව ඇති බවය.

කෙසේ නමුත් බලපෑමට ලක්වූ ජල සම්පාදන ක්‍රමවලින් 126ක් අද (02) දින උදෑසන වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර තවත් ජල සම්පාදන ක්‍රම 30ක් ක්‍රියාත්මක තත්ත්වයට පත් කර ගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් කටයුතු කරන බවත් මේ සඳහා එම මණ්ඩලයේ විශ්‍රාමික සේවකයින්ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව ඇති බවත් එම මණ්ඩලය සඳහන් කර ඇත.

තවද නායයෑම නිසා මාර්ග අවහිරවීම්, ජල නළවලට හානි සිදුවීම, විදුලි සැපයුම අඩපණ වීම, ජලය ලබා ගන්නා ස්ථාන ගංවතුරින් යටවී තිබීම, විදුලි හා යාන්ත්‍රික උපකරණවලට අලාභ හානි සිදුවීම හේතුවෙන් ජල සම්පාදන ක්‍රම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

කෙසේ නමුත් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ජල සම්පාදන ක්‍රම සියල්ල මේ වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...