Apple සමාගම සුවිශේෂී නම්‍යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි

Date:

Apple සමාගම විසින් iPhone 18 මාලාවේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස නවීනතම නම්‍යශීලී (Foldable) තිරයක් සහිත ‘iPhone Duo’ ස්මාර්ට් ජංගම දුරකථනය නිල වශයෙන් හඳුන්වා දී තිබේ.

මෙය වසා ඇති විට සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථනයක් මෙන් දිස්වන අතර, විවෘත කළ විට අයිපෑඩ් මිනි (iPad mini) ටැබ් එකක ස්වරූපය ගන්නා අතිවිශේෂ නිර්මාණයකි.

මෙය ඉදිරි තාක්ෂණික ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, Apple සමාගම විසින් iPhone 18 Pro, New AirPods Pro සහ New Apple Watch මාදිලි ද මෙහිදී එළිදක්වා ඇත.

iPhone Duo හි විශේෂාංග

තිරයේ ප්‍රමාණය – විවෘත කළ විට දිස්වන ප්‍රධාන තිරය අඟල් 7.6ක් වන අතර, වසා ඇති විට බාහිරින් පෙනෙන තිරය අඟල් 5.4කි. මෙම OLED තිරය ඉතා පැහැදිලි දර්ශන අත්දැකීමක් ලබා දෙයි.

ප්‍රොසෙසරය සහ ක්‍රියාකාරීත්වය – iPhone 18 Pro මාලාවේ ඇති අධිවේගී A20 Pro ප්‍රොසෙසරයම මෙයටද ඇතුළත් කර ඇත.

කැමරා පද්ධතිය – සෙල්ෆි සහ FaceTime සඳහා ඉදිරිපස කැමරාවක් ද, ප්‍රධාන කාචයක් සහ 2x ටෙලිෆොටෝ කාචයක් ඇතුළත් මෙගාපික්සල් 48ක ඩබල් පසුපස කැමරා පද්ධතියක් ද මෙහි අන්තර්ගත වේ.

ආරක්ෂාව සහ බැටරිය – ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පවර් / ලොක් (Power/lock) බොත්තම මත Touch ID පහසුකම ලබා දී ඇත. බාහිර තිරය භාවිත කරමින් පැය 44ක බැටරි ආයු කාලයක් සහ තිර දෙකම භාවිත කරමින් පැය 24ක බැටරි ආයු කාලයක් ලබාගත හැක.

ධාරිතාව සහ වර්ණ – GB 256, GB 512, TB 1 සහ TB 2 යන ධාරිතාවන්ගෙන් යුක්තව, Silver සහ Black වර්ණවලින් මෙය ලබාගත හැකිය.

මිල ගණන් සහ වෙළඳපොළට නිකුත් වන දිනය

iPhone 18 Pro මෙන් දෙගුණයක පමණ මිලකට නිකුත් කර ඇති මෙහි මූලික මිල ගණන් පහත පරිදි වේ.

GB 256ක් සහිත – අමෙරිකානු ඩොලර් 1,999 සිට

GB 512ක් සහිත – අමෙරිකානු ඩොලර් 2,199

TB 2ක් සහිත – අමෙරිකානු ඩොලර් 3,199 දක්වා ඉහළට

මෙම නවතම ‘iPhone Duo’ දුරකථනය ඔක්තෝබර් 16 දින සිට පෙර ඇණවුම් සඳහා විවෘත වන අතර, ඔක්තෝබර් 24 දින සිට වෙළෙඳසැල් වෙත නිකුත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...