ශ්‍රී දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක්

Date:

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින වසර දෙසීයකට වැඩි ඉතිහාසයක් ඇති පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක් ව්‍යාපාරිකයකු විසින් පූජාකර ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න පැවසීය.

අදාළ ව්‍යාපාරිකයා ශ්‍රී දළදා මාලිගාවේදී පෙරේදා (08 වැනිදා) මෙම රන් කරඬුව පූජා කර තිබෙන බවද ඔහු කීවේය.

ඒ අනුව පැරැණි පිත්තල කරඬුව දළඳා මාලිගා පරිශ්‍රයේම තැන්පත් කිරීමට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල කටයුතු කරනු ඇති බවද හෙතෙම පැවැසුවේය.

ඓතිහාසික වටිනාකමක් ඇති මෙම පිත්තල කරඬුව ඉවත් කර නව රත්තරන් කරඬුවක් පූජා කිරිම සම්න්ධයෙන් වන අභ්‍යන්තර කටයුතු මහානායක හිමිවරුන් සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා විසින් තීරණය කරනු ඇති බවද කොමසාරිස් ජනරාල් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...