නෙලුමල් බලන්න ගිහින් නීති කැඩූ අයට වැඩ වරදී

Date:

නෙලුමල් වසන්තය නැරඹීමට පැමිණ හෝටර්න් තැන්න ජාතික උද්‍යානයයේ නියමිත මාර්ගවලින් පිටතට ගොස් විවිධ ඡායාරූප සමාජ මාධ්‍යයට යොමු කළ පුද්ගලයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මේ දිනවල හෝටර්න් තැන්න ජාතික උද්‍යානයේ දක්නට ලැබෙන නෙලුමල් නැරඹීමට පැමිණෙන ඇතැම් සංචාරකයන් එහි සංවේදී පරිසර පද්ධතියට හානි වන ලෙස කටයුතු කරන බව හෝටර්න්තැන්න ජාතික උද්‍යානයයේ භාරකරු සිසිර රත්නායක පැවැසුවේය.

ජාතික උද්‍යානයකට ඇතුළුවන සංචාරකයකුට අවසරය ලැබෙන්නේ වන සතුන් නිරීක්ෂණය කිරීමේ සහ අධ්‍යයනය කිරීමේ අවස්ථාව පමණක් බවද ඔහු කීවේය.

මෙම උද්‍යානයයේ නියමිත මාර්ගවලින් පිටත ගමන් කරන්නේ නම්, මල් කැඩීම, අතු කැඩීම, වන සතුන්ට ආහාර ලබාදීම නීති විරෝධී ක්‍රියාවන් බවද ඔහු පැවැසුවේය.

උද්‍යානයයේ නියමිත මාර්ගවලින් පිටතට ගොස් එම ස්ථාන ඡායාරූප ගතකර මාධ්‍යයට මුදාහැරීම නීති විරෝධී ක්‍රියාවක් බවද ඔහු කියා සිටියේය.

ජාතික උද්‍යානය තුළ වැරැදි ක්‍රියාවල නිරතවූ පුද්ගලයන් 50 කට වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ස්ථානීය දඩ නියම කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

පසුගිය දීර්ඝ සති අන්ත නිවාඩුවේදී පමණක් මල් කැඩීම, පැළෑටි ගැලවීම වැනි නීති විරෝධී කටයුතුවල නිරත වූ සංචාරකයන්ගෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි දඩ මුදලක් අයකර ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. එමෙන්ම, තවත් විසි දෙනකුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...