ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුවට පැමිණෙයි

Date:

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වෙත ඊශ්‍රායලය පිරිනමන ඉහළම සම්මානය ද ඔහු වෙත පිරිනැමෙන බවට දැනුම්දෙනු ඇති බව වාර්තා වෙයි.

ඉදිරි කාලයේදී ඔහුට එම පදක්කම පිරිනැමෙනු ඇත.

පසුව ට්‍රම්ප් ප්‍රාණඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමට නියමිතය.

මෙම හමුවලින් අනතුරුව ට්‍රම්ප් ඊජිප්තුවේ පැවැත්වෙන ගාසා සාම සමුළුවට එක්වීමට ඒ වෙත යාමට නියමිතව පවතී.

එම සමුළුවට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසී, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලොනි, ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චේස් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ද සහභාගිවීමට නියමිතය.

ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව එම කර්තව්‍ය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ඊශ්‍රායලයේ බෙන් ගූරියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු පිළිගැනීමට අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සහ ජනාධිපති අයිසැක් හර්සොග් ද ගුවන් තොටුපොළට පැමිණ සිටීම විශේෂත්වයකි.

එමෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ මැදපෙරදිග පිළිබඳ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ උපදේශක ජෙරාල්ඩ් කුෂ්නර් සහ ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම කුෂ්නර්ගේ බිරිඳ වන ඉවන්කා ට්‍රම්ප් ද මෙලෙස පැමිණ සිටි පිරිසට අයත්ය.

ඉන් පසු ජනාධිපතිවරයා ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන කනාසට් වෙත ගමන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...