27 හැවිරිදි ජෙනිෆර් බැරෙටෝ 75 වැනි විශ්ව රූ රැජින කිරුළ දිනා ගනී

Date:

2026 වසරේ පැවති 75 වැනි විශ්ව රූ රැජින (Miss Universe) තරගාවලියේ කිරුළ දිනා ගැනීමට පුවර්ටෝ රිකෝව නියෝජනය කළ ජෙනිෆර් බැරෙටෝ (Jennifer Barreto) සමත්ව තිබේ.

පුවර්ටෝ රිකෝවේ සැන් ජුවාන් නුවරදී ඊයේ (24) පැවති මෙම අවසන් මහා තරගය සඳහා රටවල් සහ ප්‍රදේශ 116ක තරගකාරියන් එක්ව සිටියහ. එහිදී පසුගිය වසරේ විශ්ව රූ රැජින වූ මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් (Fátima Bosch) අතින් නව කිරුළ ජෙනිෆර් බැරෙටෝ වෙත හිමිවිය. දියමන්ති 3,150කින් හැඩගැන්වුණු ‘The Radiance of Eternal Legacy’ නමැති සුවිශේෂී කිරුළ ඇයට පැළඳවීම සිදු කෙරිණි.

මෙවර විශ්ව රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 48 වැනි ශ්‍රී ලංකා විශ්ව රූ රැජින ලෙස නිම්හාරා සසින්දි සහභාගී වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

පළාත් පහක් සඳහා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ...

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...