පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

Date:

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ඉදිරි පැය 24 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද, එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත්අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි. මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක්ද ඇතිවිය හැකිය.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...