යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

Date:

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දුන් බව එම කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් පැවසීය.

නුවරඑළිය කලාපයේ පාසල් 156න් පාසල් 4ක් සහ හැටන් කලාපයේ පාසල් 150න් පාසල් 9කට නිවාඩු ලබා දී ඇති බවයි කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් කියා සිටියේ.

පවතින අයහපත් කාලගුණයත් සමග පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් වෙත පවරනු ලැබූවා.

නුවරඑළිය සහ හැටන් කලාපයේ අනෙකුත් පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...