පාස්කුවේ නඩු තීන්දුව අදයි

Date:

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් මෙන්ම කිතුනු දේවස්ථාන සහ මඩකලපුවේ දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද (22 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංකගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචක ද අධිකරණය විසින් සටහන් කරගන්නා ලදී.

ඉන් අනතුරුව තීන්දුව අද දින ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියෝග කළහ. පාස්කු ඉරිදා ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිපතිවරයා විසින් නෞකර් මවුල වී ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව 2021 වසරේ මෙම නඩුව ගොනුකර තිබිණි. මෙම විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

මෙන්ම කිතුනු දේවස්ථාන සහ මඩකලපුවේ දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද (22 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංකගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචක ද අධිකරණය විසින් සටහන් කරගන්නා ලදී.

ඉන් අනතුරුව තීන්දුව අද දින ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියෝග කළහ.

පාස්කු ඉරිදා ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිපතිවරයා විසින් නෞකර් මවුල වී ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව 2021 වසරේ මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...