සංචාරක පැමිණීම 2,250,000 ඉක්මවයි

Date:

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,250,000 ඉක්මවා ගොස් තිබේ.

ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 2,258,202ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 510,133ක් බව සඳහන්ය.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 204,703 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 141,941 දෙනෙකු සහ චීන ජාතිකයින් 129,403කු ඒ අතර වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේය.

ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

දෙසැම්බර් මාසයේ පළමු දින 21 තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 154,609 දෙනෙකු බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...