මෙරට සියලුම සුනාමි කුළුනු අක්‍රීයයි

Date:

සුනාමි හා සුළි සුළං පිළිබද පුර්ව දැනුම්දිම සදහා 2009 වර්ෂයේ දි ඉදිකරණු ලැබු සුනාමි කුළුනු 77 මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මෙකි කුළුණු අලුත්වැඩියා කිරිම සදහා 2016 වර්ෂයේ දි රුපියල් මිලියන 134.7ක ඇස්තමේන්තු මුදලකට පුද්ගලික සමාගමක් වෙත කොන්ත්‍රාත්තුව ලබා දි තිබුණි. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි මෙන්ම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිමේ දි සහ ක්‍රියාත්මක කිරිමේ දි එළඹ තිබු ගිවිසුමට පටහැනිව කටයුතු කිරිම නිසා 2024 වර්ෂය අවසානයන වනවිටත් මෙම කුළුනු කිසිවක් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ පිළිබද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ සුනාමි හා සුළං තත්ත්වයන් සදහා පුර්ව අනතුරු ඇගවිමේ ක්‍රම වේදයක් ලෙස කුළුණු 77ක් 2009 වර්ෂයේ දි ඉදිකළ බවය. දිස්ත්‍රික්ක 14ක් තුල ස්ථාපිතකොට තිබු මෙම කුළුණු 2016 වර්ෂය වනවිට එම කුළුණු වල ක්‍රියාකාරිත්වය අවම මට්ටමක පැවතිම හේතුවෙන් කුළුණු අලුත්වැඩියා කර නඩත්තු කටයුතු කිරිම සදහා නව ගිවිසුමක් ගිවිසගෙන ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් විගණනයට සදහන් කොට ඇත.

ආපාද කළමණාකරණ මධ්‍යස්ථානය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...

බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කල ඓතිහාසික ශල්‍යකර්මයක්

මෙරට සෞඛ්‍ය සේවාව සතු විශේෂඥ දැනුම, අතිනවීන වෛද්‍ය තාක්ෂණය,...

උප දුම්රිය ස්ථාන දෙකක් තාවකාලිකව වැසෙයි

පුත්තලම් මාර්ගයේ බංගදෙණිය හා මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි...