එක්ස්ප්‍රස් පර්ල් වන්දි දෙන්න බෑ කියයි.

Date:

ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණුතම පාරිසරික විනාශයට හේතු වූ MV X-Press Pearl නෞකාවට අදාළව, වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවන ලෙසට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන බව අදාළ සිංගප්පූරු නෞකා සමාගම වන X-Press Feeders ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගය ප්‍රකාරව අදාළ සමාගම විසින් එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...