හෙරොයින් ජාවාරමක් සිදුකළ මව සහ පුත්‍රයා අත්අඩංගුවට

Date:

මල් ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ දෙදෙනෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙය පානදුර උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ මල් ශාලාවක් බව පොලීසිය පවසයි.

පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (25) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මෙම මල්ශාලාවේ හිමිකරුවන පුත්‍රයා සහ ඔහුගේ මව හෙරොයින් ග්‍රෑම් 21ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුත්‍රයා 39වන වියේ පසුවන අතර මව 69 වන වියේ පසුවන බව පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කරන පනත යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක හා රියාද් අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී තිබෙන යුධමය වාතාවරණය යටතේ ,...

වසරේ නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්...

මෙට්‍රෝ බස් රථ අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස්...

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් හැටන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදි ලේ...