හෙරොයින් ජාවාරමක් සිදුකළ මව සහ පුත්‍රයා අත්අඩංගුවට

Date:

මල් ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ දෙදෙනෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙය පානදුර උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ මල් ශාලාවක් බව පොලීසිය පවසයි.

පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (25) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මෙම මල්ශාලාවේ හිමිකරුවන පුත්‍රයා සහ ඔහුගේ මව හෙරොයින් ග්‍රෑම් 21ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුත්‍රයා 39වන වියේ පසුවන අතර මව 69 වන වියේ පසුවන බව පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කරන පනත යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...