වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

Date:

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ අතර ඔහු 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එම මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,634,915ක් එනම් 42.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ප්‍රමුඛතාව ලබාගත් අතර, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,363,035ක් ලබාගත්තේය.

පළමු මනාපයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50%කට වැඩි බහුතරයක් හිමි නොවීම හේතුවෙන් දෙවන මනාප ගණනය කිරීමට සිදුවිය.

දෙවන මනාප එකතු කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා මුළු ඡන්ද 5,740,179ක් ලබාගනිමින් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

අනුර කුමාර දිසානායක මහතා දකුණ, බස්නාහිර, වයඹ, උතුරු මැද සහ සබරගමුව යන පළාත්වල වැඩි බලයක් තහවුරු කරගත් අතර, සජිත් ප්‍රේමදාස මහතා උතුර, නැගෙනහිර සහ වතුකර ප්‍රදේශවල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තේය.

ජයග්‍රහණයෙන් පසු 2024 සැප්තැම්බර් 23 වනදා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අතර, පසුව ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කරමින් සැප්තැම්බර් 24 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගන්නා ලදී.

ඉන් අනතුරුව 2024 නොවැම්බර් 14 වනදා පැවැත්වුණු 10 වන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.

එහිදී ජාතික ජන බලවේගය මුළු ඡන්ද 6,863,186ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 159ක් එනම් ඡන්ද කොට්ඨාස මගින් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු ආසන 18ක් දිනාගත්තේය.

මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පක්ෂයක් ලබාගත් විශාලතම බහුතර ආසන සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශතය වේ.

මෙම මැතිවරණයේදී සමගි ජන බලවේගය ආසන 40ක් ලබාගනිමින් ප්‍රධාන විපක්ෂය බවට පත් වූ අතර, ඉලංකෙයි තමිළ් අරසු කච්චි (ITAK) ආසන 8ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 5ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3ක් බැගින් ලබාගත්තේය.

මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් පිරීම නිමිත්තෙන් “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” තේමාව යටතේ දිවයින පුරා දැවැන්ත ජන රැලි මාලාවක් සංවිධානය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලි මාලාව මගින් ගතවූ වසර දෙක තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණ, ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ ඉදිරි ඉදිරි දැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.

කෙසේවෙතත්, මෙම වසර දෙකක කාලය තුළ ආණ්ඩුවට විවේචන සහ ප්‍රබල අභියෝග රැසකට ද මුහුණ දීමට සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...