දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

Date:

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල් මිලියන 400.8 දක්වා සියයට 65.9කින් තියුණු ලෙස පහතවැටි ඇති බැව් ශ්‍රිලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

මෙකි ආපදා තත්ත්වය හේතුවෙන් මාසිකව ප්‍රවාහනය කරණු ලැබු දුම්රිය මගින් සංඛ්‍යාව ද මිලියන 5.7 දක්වා සියයට 29.7කින් පහත වැටි ඇත. දිට්වා සුළිකුණාටුවට පෙර ශ්‍රිලංකා දුම්රිය සේවය විසින් දිනකට ගමන්වාර 330ක් ක්‍රියාත්මක කොට තිබු අතර මසකට මිලියන 8.1 ක දුම්රිය මගින් පිරිසක් ප්‍රවාහනය කොට තිබු බවද මෙම වාර්තාවේ සදහන් වේ. ඉන් රුපියල් බිලියන 1.18ක මාසික ආදායමක් උපයා තිබුණි.

දිට්වා සුළිකුණාටුවෙන් යටිතල පහසුකම්වලට සිදුවු දැඩිහානි හේතුවෙන් දෛනික දුම්රිය මෙහෙයුම් ගමන්වාර සංඛ්‍යාව 330 සිට 280 දක්වා සියයට 15කින් අඩුවි තිබුණි. වේග සිමා පැනවිම් සහ දුම්රිය ජාලයේ කොටස් වශයෙන් වසා දැමිම හේතුවෙන් සංචාරක ව්‍යාපාරය හා වතු ආශ්‍රිත ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රවාහන කටයුතු දැඩි බලපැමට ලක්වි තිබුණි.

දෛනික දුම්රිය ධාවනය පවත්වාගෙන යාම සදහා දුම්රිය එන්ජින් 60ක් සහ බලවේග කට්ටල 100ක් අවශ්‍ය වුවද මේ වනවිට පවතින එන්ජින් හා බලවේග කට්ටල ඊට වඩා අඩු මට්ටමක පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...

සොනාල් දිනූෂ ICC සම්මානයකින් පිදුම් ලබයි

ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව දැක්වූ කැපී...