ඩෙංගු බිළිගත් ජීවිත ගණන 81ක් දක්වා ඉහළට

Date:

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 107,829ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය පෙන්වා දෙන්නේ මින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන බවය.

ඒ අනුව එම දිස්ත්‍රික්කය තුළ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 22,502ක් වාර්තා වී තිබේ.

දෙවැනියට වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 20,799ක් වාර්තා වී ඇත.

තෙවැනියට වැඩිම රෝගීන් ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 8,803ක් වාර්තා වී තිබේ.

මේ අතර වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර ඒ අනුව එම මාසයේදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 29,964කි.

තවද නොවැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,577ක් වාර්තා වී ඇති බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් රෝගීන් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී තිබේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශට පත් කිරීමටද ඩෙංගු මර්දන ඒකකය පියවර ගනු ලැබීය.

ඒ අනුව අද සිට එළැඹෙන 14 වැනි දින දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක යන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...