ඒ-9 මාර්ගයේ සිදු වූ මාරක බස් රථ අනතුරින් මිය ගිය ගණන ඉහළට

Date:

ඒ-9 මාර්ගයේ අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථ 03ක් එකිනෙක ගැටී අද (09)පෙරවරුවේ සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 2ක් මුහුණට මුහුණ ගැටී ඇති අතර, අනතුරුව පෞද්ගලික බස් රථයක්ද එම බස් රථවල ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රඹෑව ප්‍රාදේශීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...