මවකට සහ අවුරුදු 16ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක්

Date:

අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ (20) රාත්‍රියේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ බවට පොලීසියට පණිවුඩයක් ලැබී තිබුණි.

ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු මව සහ දරුවාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් අයගම රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී 40 හැවිරිදි කොළඹෑව, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි මව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...