ඩිජිටල්කරණය ගුරු හිඟයට සාධනීය පිළිතුරක්..?

Date:

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කාරක සභාව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය. එහිදී 2026 වසරේ මාර්තු වනවිට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට අදාළ ප්‍රතිපත්ති රාමුව සම්මත කරගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතියට යොමු කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බළකායේ සැලැස්ම ඉදිරිපත් කරමින් එම නිලධාරීහු පවසා තිබේ.

මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බලකායේ යෝජිත සැලැස්ම ඉදිරිපත් කරමින් එම නිලධාරිහු අංශය 6ක් ඔස්සේ මෙම ප්‍රතිසංස්කරණ තුළ ඩිජිටල් ක්‍රියාවලිය සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. ඒ අනුව ඩිජිටල්කරණය ඔස්සේ ගුරු හිඟයට සාධනීය පිළිතුරක් අපේක්ෂා කරන බව ඔවුන් පවසා ඇත.

තවද අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්බන්ධව අදාළ උපකරණ සහ සම්පත් ලබාදීම, යම් ව්‍යසනකාරී තත්ත්වයන් තුළ පාසල් පද්ධතිය අඛණ්ඩව පත්වාගෙන යාම, දරුවන්ගේ ළමා ලෝකය ඩිජිටල්කරණය තුළින් ලබාදීම ඇතුළු අංශ කෙරෙහි අවධානය යොමු කර මෙම ඩිජිටල් කරන ක්‍රියාවලිය සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

2025 වසරේ දෙසැම්බර් 31 වන විට මෙරට අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්ද, එකදු හෝ ඩිජිටල් පුවරුවක් (digital Smart board), පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක් නොමැති පාසල් සඳහා ඒවා ලබාදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අදාළ ඩිජිටල් කාර්ය සාධක බලකා නිලධාරීහු පෙන්වා දී ඇත.

පවතින දත්ත අනුව මෙරට ද්විතික පාසල් වලින් පාසල් 3කට විදුලි බලය නොමැති බවත්, තවත් පාසැල් 546කට එකදු හෝ පරිගණකයක්, ලැප්ටොප් පරිගණකයක් හෝ ටැබ් එකක් නොමැති බවත්, තවත් පාසැල් 2088කට ඩිජිටල් පුවරුවක් (digital Smart board) නොමැති බව ද එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය, අනාගතය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරමින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුකරන මෙම සුවිශේෂී පරිවර්තනය සඳහා සියලුම දෙනාගේ සහය අත්‍යවශ්‍ය වන බව පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...