ජනාධිපති අනුරගේ UN කතාවේ මූලාශ්‍රය සම්බන්ධයෙන් ගැටලුවක්.

Date:

“දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි” යන ප්‍රකාශය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහස, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මහතා විසින් මීට පෙර සිදු කරන ලද ප්‍රසිද්ධ කියමනක් බවයි. ජනාධිපති කගාමේ මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ 2019 වසරේදී, පැවති දූෂණ විරෝධී දේශනා සමුළුවකදී බවට තොරතුරු වාර්තා වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී ඇත්තේ, ජනාධිපති අනුර දිසානායක මහතා සිය කතාවේදී මෙම ප්‍රකාශය උපුටා ගැනීමක් බවට සඳහන් නොකිරීම සම්බන්ධයෙනි. ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත්තේ, මෙම කියමන වෙනත් රාජ්‍ය නායකයෙකුගේ ප්‍රකාශයක් බව විධිමත් ලෙස පිළිගැනීම වගකීම් සහගත හා යෝග්‍ය ක්‍රියාවක් බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයේ අන්තර්ගතය සහ එහි මූලාශ්‍රය සම්බන්ධයෙන් මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස අදහස් හුවමාරු වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...