විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (අයෝරා – IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා අද (26) ඉන්දියාවේ නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිතව තිබිණි. රැස්වීම පැවැත්වෙන්නේ හෙට (27) දිනයේය.
2023–2025 කාලසීමාවේ මෙම සංගමයේ සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකාව, දැනට එහි ත්‍රිපුද්ගල නායකත්ව මණ්ඩලයේ (Troika) සාමාජිකයෙකි. ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික සහයෝගීතාව, සමුද්‍රීය ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දිගටම කැප වී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර, අයෝරා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම නොවැම්බර් 25 සහ 26 යන දිනවල පැවැත්විණි.
ඡායාරූපය: 外務省 / Wikimedia Commons / CC BY 4.0



