2026 වසරේ මුල් මාස දහය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එය පසුගිය වසරේ එම කාලයේ වාර්තා වූ ඩොලර් බිලියන 14.41ට සාපේක්ෂව සියයට 6.03ක වර්ධනයකි.
භාණ්ඩ අපනයන ආදායම සියයට 5.72කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 12.01ක් වූ අතර, සේවා අපනයන ආදායම සියයට 7.20කින් වැඩි වී ඩොලර් බිලියන 3.27ක් විය. මේ ගණන් ශ්රී ලංකා රේගුවේ දත්ත සහ මැණික්, ස්වර්ණාභරණ හා ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන ගැන මණ්ඩලය කළ ඇස්තමේන්තු මත පදනම් වේ.
ඔක්තෝබර් මාසයේ පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 1.62 ඉක්මවූ බවද වාර්තා වේ.



