ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්.

Date:

ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහයෝගීතා ජාත්‍යන්තර ආයතනයේ, 2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 58 වන ස්ථානයයි. රටවල් 174ක තත්ත්වය මෙහිදී සලකා බලා ඇති අතර ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි.

මෙම ශ්‍රේණිගත කිරීමට නියෝජනය, අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය හා සහභාගීත්වය යන කරුණු 4 පදනම් කරගෙන ඇත. ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට පැමිණීමට පසුගිය 2024 වසරේ පැවැත්වූ සාමකාමී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රධාන හේතුවක් බව සඳහන්ය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහයෝගීතා ජාත්‍යන්තර ආයතනය සිය වාර්තාවෙන් මේ ඡන්ද විමසීම් දෙක සාමකාමීව පැවැත්වීම ප්‍රශංසාවට ලක්කර ඇති අතර නීතියේ ආධිපත්‍යය සනිටුහන් වන අවස්ථාද පැසසුමට ලක් කර ඇත.

මාධ්‍ය නිදහස කාණ්ඩය යටතේ ආසියා සහ පැසිෆික් කලාපයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...