කීරි සම්බා රටින් ගේන්න රජය සූදානම්.

Date:

වෙළෙඳපොළේ පවතින කීරි සම්බා ගැටලුව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කීරි සම්බා හිඟය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“අස්වනු සම්බන්ධයෙන් තබන ලද ඉලක්කවලට ගොවීන් ළඟාවෙලා තියෙනවා. නමුත් වගා කිරීමේදී කීරි සම්බා වගාකරලා තියෙන්නේ 7%ක් පමණයි. වර්ගයක් හැටියට කීරි සම්බා වගාකරපු ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. නමුත් සමස්ථ නිෂ්පාදනයේ අඩුවක් නෙමෙයි තිබෙන්නේ.”

“මහ පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා තබාගෙන ඉන්නවද කියන එක සම්බන්ධයෙන් මේ වෙලාවේ උත්තරයක් දෙන්න බැහැ. ඒ සම්බන්ධ තොරතරු මගේ ළඟ නැති නිසා. ඒ වගේම මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනයට අනුමැතිය ලබාගෙන තිබෙනවා. අවශ්‍ය වුණොත් ඒ ප්‍රමාණය ගෙන්වන්න පුළුවන්. කෙසේ නමුත් තාමත් ඒ ගැන තීන්දුවක් ගෙන නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...