ස්ථාවර තැන්පතුවල දාන්න කොහෙන්ද සල්ලි?

Date:

යාපහුව ආසනයේ මාඑළිය කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පැවසූයේ “මාලිමාව කියන දේශපාලන ව්‍යාපාරය ඇතුළේ දූෂිතයින් ඉන්නවා පමණක් නොවෙයි ඒ ව්‍යාපාරය හදලා තියෙන්නෙම දූෂණය සඳහා. ඔය පක්ෂ අරමුදල කියන යාන්ත්‍රණය ලංකාවේ ලොකුම මුදල් විශුද්ධිකරණ යාන්ත්‍රණය. ඒක පැලවත්තේ පිහිටලා තියෙන්නේ’’ ලෙසය. එමගින් සියලුම ජාවාරම්කරුවන්ගේ මුදල් විශුද්ධිකරණය වන බවට තමා වගකීමෙන් පවසන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසෙ සදහන් කළේය.

‘‘ඒක වැරැදියි නම් කියන්න මෙන්න අරමුදල, මෙච්චර තියෙනවා, මෙහෙමයි ලැබුණේ, ඒකට මෙච්චර බදු ගෙව්වා කියලා. දැන් අපේ පක්ෂයේ අපිටත් සහෝදරවරු නැතිවුණාට අපේ මිත්‍රය උදව් කරනවා. හැබැයි අපි ඒවා අපේ ගිණුමට අරගෙන බදු ගෙවනවා. මොකද බදු ගෙවන්නේ නැතිව පක්ෂ අරමුදල් තියෙන්න බෑ. දැන් අපි විගණනයට ලක්කරලා, වරලත් ගණකාධිකාරීවරයකුගේ අත්සනින් යුතුව ඒක යොමුකරලා තියෙනවා මැතිවරණ කොමිසමට. හැබැයි එහෙම නැතිව අඳුරේ තියෙන්න බෑ අරමුදල්.

මේක ඔබ පිළිගත්තේ නැතිවුණාට ඊයෙ පෙරේදා අර වත්කම් ප්‍රකාශ ටික එළියට ආවාම ඔක්කොම බැලුවාම අපි මේ පොල්ගෙඩි ටික කඩලා දාලා තියෙන්නෙ හොඳ කෝටිපතියකුගෙ කැබ් එකටනේ කියලා හිතුණා. ස්ථීර තැන්පතු මටත් නෑ. ස්ථාවර තැන්පතුවල දාන්න කොහෙන්ද සල්ලි? අපි මේ දේශපාලන වැඩවලට වියදම් කරනවානේ. හැබැයි මේ ගම් මට්ටමේ මිනිස්සු ඔය දේශපාලන යාන්ත්‍රණය නඩත්තු කළේ අනේ අපේ නායකයො මොන තරම් කැපකිරීමක් කරලා තියෙනවාද කියලා. මමවත් හිතාගෙන හිටියේ නෑ අරමුදල හරහා වංචා සිද්ධවෙන බව යථාර්ථයක් වුණත් මේ අපි දන්න හඳුනන පුද්ගලයෝ මිලියන 400 – 500 වත්කම් තියෙන අය කියලා.

ඔය වත්කම් කිව්වාම මමත් ඉන්නේ කෝට්ටෙ ප්‍රදේශයේ. මම පොඩි ඉඩම් කෑල්ලක් කෝවිඩ් කාලෙ ගත්තා මගෙ ඉඩමට යාබදව. ඒකෙ පර්ච් එකක් මිලියන 4ක් වුණා. දැන් ඒ කිට්ටුවම ඉන්න ඇමැතිවරයෙක් කියලා තියෙනවා එයාගෙ ඉඩමේ වටිනාමක පර්ච් එක ලක්ෂ තුනයි කියලා වත්කම් ප්‍රකාශයේ. අන්න හිරේ යන ප්‍රකාශ. ඇයි? දිවුරුමක් මත අත්සන් කරලා දීලා තියෙනවා මේ මං කියන්නෙ ඇත්ත කියලා. දැන් ඔය ඇත්තද? නෑ … අන්න ඒකයි මම මේ කියන්නේ මේක ව්‍යාජයක්. මේක බොරුවක්. මේ රටට අවශ්‍යයි ඇත්තටම දූෂණයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. ඒ දේශපාලන ව්‍යාපාරය තමයි සර්වජන බලය”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...