පිළිකා නාශක විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්කැල්ල පාලන කාලයේ සිට දැඩි ලෙස ප්‍රමාදයට පත් වූ අතර මේ සම්බන්ධයෙන් එවකට හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාටද චෝදනා එල්ල විය.
ඉන්පසුව මෙම යාන්ත්‍රණය කඩිනම් කිරීම සඳහා මෙරට පිළිකා රොග විශේෂඥ වෛද්‍ය ආයතනය වර්තමාන සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සාකච්ඡා කර ්න අදාල ගිවිසුම් පත්‍ර කඩනමින් අත්සන් කිරීමට කටයුතු කළද මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව ඉංජිනේරු විද්‍යා තාක්ෂණික කමිටුව මගින් නිසි පරිදි අදාළ කටයුතු කඩිනම් කිරීමට පියවර නොගැනීම නිසා ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය ප්‍රමාද වන බවත් එම මුදල් මෙරටට අහිමි වීමේ අවධානමක් පවතින බවදවෛද්‍යා හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මීට අමතරව මෙරට භාණ්ඩාගාරයෙන් වෙන් කරන ලද මුදල් මත දැනට පවතින පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර නව මොඩල මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිත වන අතර එම නව මොඩල සඳහා ඖෂධ නියාමන අධිකාරිය මේ දක්වා අනුමැතිය ලබා නොදීම ගැටළුවක් බවද ඔහු පෙන්වා දෙයි.
මේ අන්දමට පිළිකා විකිරණ යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාදයේ ප්‍රතිඵලයක් ලෙස රෝගීන්ට ඉතා අධික මිල ගණන්වලට පෞද්ගලික අංශවලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බැවින් රාජ්‍ය අංශය මෙම යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාද කිරීම පෞද්ගලික අංශයේ කාගේ හෝ අවශ්‍යතාවයක් මත සිදුවන්නේදැයි ජනාධිපතිවරයා මගින් විමසා බැලිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මාසිකව වැඩිවන බවට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසන අතර ගුණාත්මක පිළිකා රෝග වෛද්‍ය ප්‍රතිකාර සඳහා නව වෛද්‍ය උපකරණ හේතුවන බැවින් කඨිනමින් එම උපකරණ මෙරටට ගෙන්වා ලබාදීමට ජනාධිපතිවරයාගේ ඉක්මන් අවධානය යොමු කළ යුතු බවද ඔහු පවසයි.
පිළිකා රෝගීන් සඳහා දියුණු පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරයේ සහ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රමාණවත් තරම් ආධාර මුදල් වෙන් කොට ගිවිසුම් අත්සන් කොට ඇති තත්ත්වයක් යටතේ අදාළ යන්ත්‍ර මිලදී ගැනීමේ යාන්ත්‍රණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව විද්‍යා ඉංජිනේරු ඒකකයේ ඉංජිනේරු වරුන්ගේ උපදේශක හා තාක්ෂණික කමිටු නිර්දේශ සහ ඖෂධ නියාමන අධිකාරිය මගින් අදාළ සමහර උපකරණ වර්ග අනුමත කිරීම ප්‍රමාද කිරීම මත දැඩි ලෙස අර්බුදයකට ලක්ව ඇති බව ද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.




