විපක්‍ෂනායකට වත්කම් බැරකම් ප්‍රකාශ ගැන පදනම් විරහිත චෝදනා.?

Date:

ජාමුණි කමල් තුෂාර නමැත්තෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් බවට පවසමින් අද (25) අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් බාරදී තිබේ. ඔහු සිදු කර ඇති මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව විපක්ෂ නායක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලැබුණු බවට වූ 2025/04/23 දිනැති ලිපියක් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණ දීර මහත්මියගේ අත්සනින් යුක්තව සජිත් ප්‍රේමදාස මහතා වෙත ලැබී තිබූ බව මීට පෙර මාධ්‍යයට හෙළි කරන ලද බවද එම නිවේදනයේ සදහන්.

සජිත් ප්‍රේමදාස මහතා නියමිත දිනයටත් පෙර ලබාදුන් වත්කම් බැරකම් ලේඛණය ඩිජිටල් ආකෘතිය අනුව යළි පුරවා ඊයේ (24)දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කරන ලදුව මේ වන විටත් එය එම කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...