ලංකාව විශාල රැකියා හිගයක් අබියස..- ලෝක බැංකුව-

Date:

රැකියා උත්පාදනය සඳහා පෞද්ගලික අංශයේ වර්ධනය දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව ලෝක බැංකුවේ උප සභාපති Johannes Zutt මහතා පවසයි. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායට මිලියනයකට ආසන්න තරුණ පිරිසක් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එම කාලයේ දී ජනිත වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති නව රැකියා ප්‍රමාණය 300,000 ක් (ලක්‍ෂ 3ක්) පමණක් බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. ලෝක බැංකු උප සභාපතිවරයාගේ ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරය අවසන් වීමෙන් පසුව ලෝක බැංකුව නිකුත් කළ නිල ප්‍රකාශයේ මේ බව දැක්වේ.

පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම, තරගකාරිත්වය ශක්තිමත් කිරීම සහ සේවා සැපයීම සහ රට පුරා රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ලෝක බැංකු සමූහය රජය සමග හවුල්කාරිත්වයෙන් දිගටම කටයුතු කරනු ඇති බව ද ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකු උප සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව දුෂ්කර උත්සාහයකින් දිනාගත් ආර්ථික ස්ථාවරත්වය ගැන ප්‍රශංසා කළ අතර රැකියා නිර්මාණය කරන, පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගන්නා සහ ප්‍රධාන අංශ නවීකරණය කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී රජයට අඛණ්ඩව සහාය දැක්වන බව ද සඳහන් කර ඇත. එහිදී ලෝක බැංකු උප සභාපතිවරයා මෙසේ ද කියා ඇත.

“ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සඳහා අඩිතාලම දමා ඇත. රැකියා, ආයෝජන සහ සියල්ල පැතිරුණු සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට දැන් කාලයයි. සේවා පුළුල් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනය බලමුළුගැන්වීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දෙමින් මෙම ගමනේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ලෝක බැංකු සමූහය සූදානම්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...