නිළි සබීතාට ඇගේ සැමියාට නඩු

Date:

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මුණ්ඩලය විසින් ප්‍රවීණ නිළි සබීතා පෙරේරා, ඇගේ සැමියාට සහ ඔවුන්ගේ ආයතනයකට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 02 ක් ඊයේ (17 වැනිදා) පවරන ලදී.

රුපියල් ලක්ෂ 07 කට අධික අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති සෝමසිරි ඒකනායක විසින් මෙම නඩු දෙක අධිකරණය හමුවේ පවරනු ලැබීය.

රුපියල් පන්ලක්ෂ හැත්තෑතුන්දහස් හත්සිය අනූවක (573,790) අධි භාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එක් නඩුවක් විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ අතර රුපියල් එක්ලක්ෂ විසිනව දහස් නවසිය අනූවක (129,990) අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අනෙක් නඩුව විත්තිකරුවන්ට එරෙහිව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් පවරන ලදී.

අදාළ නඩුවල විත්තිකරුවන් ලෙස අංක 286 ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පදිංචි ප්‍රවීණ නිළි සබීතා ජානකී පෙරේරා, ඇයගේ සැමියා වන දොන් උපාලි ජයසිංහ සහ ඔවුන්ගේ දෙමටගොඩ, බේස්ලයින් පාරේ පිහිටි පුද්ගලික ආයතනයක් නම්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...