මනම්පේරී වළ දැමූ සියල්ල ගොඩගනී.

Date:

මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන සම්පත් මනම්පේරී නැමැත්තා විසින් වළ දැමූ බව කියන රන් පැහැති T 56 මැගසින් දෙකක්, උණ්ඩ 115 ක්, අත් බෝම්බයක් සහ පිස්තෝලයක් මිද්දෙණියේ ඉඩමකින් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම ආයුධ සැකකරු විසින් පසුගිය 3 වැනිදා සිය අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමේ වළ දමා ගොස් ඇතැයි සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී ඇත.

මේ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී පුදුකුඩුඉරිප්පු සහ මන්නාරම් ප්‍රදේශ වලින් 3 වතාවක් කංසා තොග වශයෙන් රැගෙන විත් වෙලඳාම් කටයුතු සිදුකළ බවත් හෙරොයින් කිලෝ 10ක ප්‍රමාණයක් බැකෝ සමන්ගෙන් ලබාගෙන එය අලෙවි කළ බවටත් ප්‍රකාශ කර ඇත.

තවද බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන අපරාධකරුවන්ට අයත් ගිනි අවි ප්‍රවාහනය කිරීමක් පිළිබඳවද තොරතුරු පවසා ඇති අතර T 56 ගිනි අවි 3ක් සහ පිස්තෝල අවි 2ක් එසේ ප්‍රවාහනය කල බව සම්පත් මනම්පේරි පිළිගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...