විදුලි සේවකයින්ගේ කල් මැරීම සහ ඉවසීම නොහැකියාව නොවේ.

Date:

ලංකා විදුලි බල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පවසන්නේ විදුලි සේවකයන් විසින් ආරම්භ කරන ලද අකුරට වැඩ කිරීමේ වෘතීය ක්‍රියාමාර්ගයට දින 18ක් සම්පූර්ණ වීමත් සමඟ ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලයේ සියළු ඉහළ නිළධාරීන් ප්‍රසම්පාදන සහ ප්‍රතිව්‍යුහ ගතකිරීමේ කමිටුවලිනුත් ඉවත්වීමට තීරණය කළ බවයි.

ඔහු පවසන්නේ අදින් (22) පසු විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් අමාත්‍යවරයාට අමාත්‍යංශ ලේකම්වරයාට සාමාන්‍ය අධිකාරීවයාට හෝ සභාපතිවරයාට වග නොකියන බවයි.

කෙසේවෙතත් මෙම තත්වය එළඹෙන 24 වැනිදා වනතුරු පමණක් පවත්වාගෙන යන බවත් අද (22) දහවල් රැස්වීමට නියමිත විදුලි සේවක වෘතීය සමිති විසින් මින් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් ප්‍රභාත් ප්‍රියන්ත මහතා පැවසීය.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විදුලි සේවකයින්ගේ මෙම කල් මැරීම සහ ඉවසීම නොහැකියාවක් ලෙස නොසලකන ලෙසයි.

රට අඳුරට පත්වීම සහ ජනතාව අපහසුතාවට පත්වීමත් පිළිබඳ සිතා බලා මේ ආකාරයට කටයුතු බැවින් විදුලි සේවකයින් එම තත්වයට පත්කිරීමට කටයුතු නොකරනා ලෙසත් නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා බලධාරී වෙත අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...