විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශයට.

Date:

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තරගයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් පරාජය කළේය. ශ්‍රී ලංකාව නියමිත ඕවර 20 න් 7 ට ලකුණු 168 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු නායක දසුන් ශානක පන්දු 37 කදී නොදැවී ලකුණු 64 ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත් විය. කුසල් මෙන්ඩිස් පන්දු 25 කදී වේගවත් ලකුණු 34 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී මුස්ටෆිසුර් ලකුණු 20 ට කඩුලු 3 ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමේදී බංග්ලාදේශය පන්දු 45 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු සයිෆ් හසන් පන්දු 45 කදී ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟිනි. තව්හිඩ් හ්‍රිඩෝයි පන්දු 37 කදී ලකුණු 58 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 21 ට කඩුලු 2 ක් ද වනිදු හසරංග ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...