අපි හිතනවා මිනිස්සුන්ගේ ගින්න සෑහෙන්න නිව්වා කියලා.-ටිල්වින්-

Date:

වර්තමාන ආණ්ඩුවේ වසරක කාලය තුළ කිසි තැනක කුසගින්න ගැන ආරංචියක් නැතැයි ජනතා විමුක්ති වුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

“අපි හිතනවා මිනිස්සුන්ගේ ගින්න සෑහෙන්න නිව්වා කියලා. අපි ගත්තේ බංකොලොත් රටක්. ඇතැම් තැන්වල මිනිස්සුන්ට කන්න නැහැ. කරවිල කාලා ජීවත් වෙන්නේ වගේ කතා වාර්තා වුණා. නමුත් මේ ආණ්ඩුවේ අවුරුද්ද ඇතුළත අපිට කොහෙවත් කුසගින්නක් ගැන ආරංචියක් නැහැ.

බඩු මිල අපි පාලනය කරලා තියෙන්නේ. ඊට වැඩිය ගොඩක් වැඩියෙන් මිල තිබුණෙ එදා. ව්‍යාපාරිකයන්ගෙන් ඇහුවොත් කවුරුත් කියනවා වෙළෙඳපොළේ භාණ්ඩ විකිණීම වැඩියි කියලා. අවුරුද්දක් තුළ අපි ආර්ථිකය ස්ථාවර කළා. නමුත් අපිට දිගු ගමනක් යන්න තියෙනවා. ඒත් මේ ටික කාලෙට අපි මිනිස්සුන්ට කොච්චර සහන දීලා තියෙනවද. ගොවි ජනතාවට දුන්නු පොහොර සහනාධාරය 25,000ක් කළා. දුප්පත් දරුවන්ට පාසල් උපකරණ ගන්න හයදාහක් දුන්නා ජනවාරි ඉඳලා. ඒ වගේම අස්වැසුම ලබන අයගේ අස්වැසුම වැඩි කළා. අස්වැසුම කාලය දීර්ඝ කළා.

අමාරු ආර්ථිකයක් තියෙන වෙලාවත් අපි මිනිස්සුන්ට සහන දුන්නා දේශපාලනයේ අපේ වරප්‍රසාද කපලා. ඒකයි තේරුම් ගත යුත්තේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...