විදුලියට වැඩ වරදී . අත්‍යවශ්‍ය සේවාවක් වෙයි.

Date:

විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව මේ වන විටත් විදුලි වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටින පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදුලිබල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ යෝජනාවට එරෙහිව දැඩි විරෝධයක් පළ කරමින් විදුලි වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටී.ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලීකරණය වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය මගින්, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ නඩත්තුව ඇතුළු සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

ඒ අනුව, මෙම සේවාවන්ට බාධා කිරීම හෝ අඩාල කිරීම නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වේ. මෙම පියවර ගෙන ඇත්තේ, රටේ විදුලිබල සැපයුමේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අරමුණු කරගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...