ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලිය අද අරාබියේ රාජ්‍යයේදී ඇරඹෙයි

Date:

ආසියානු කලාපයේ ක්‍රිකට් ප්‍රබලයන් ගැටෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (9 වැනිදා) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් ඇරඹෙන තරගාවලියේ කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතය. එහිදී ‘ඒ’ කාණ්ඩය යටතේ, ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදින අතර ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං යන කණ්ඩායම් තරග වදිති.

තරගාවලිය ප්‍රථමයෙන් සත්කාරකත්වය දරන ඉන්දියාවේම පැවැත්වීමට නියමිතව පැවැතියද, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශයෙහි පවතින්නා වූ දේශපාලනික අර්බුද හේතුවෙන් තරගාවලිය ඉන්දියාවෙන් බැහැරව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙහි පැවැත්වීමට තීරණය කෙරිණි. ඒ අනුව සියලු තරග ඩුබායි සහ අබුඩාබි යන ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ප්‍රථම තරගය අද රාත්‍රියේ අබුඩාබි හිදී ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර පැවැත්වේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන මූලික වටයේ ප්‍රථම තරගය එළැඹෙන 13 වැනිදා බංග්ලාදේශය සමග අබුඩාබිහිදී පැවැත්වෙන අතර, දෙවැනි තරගය හොංකොං සමග 15 වැනිදා ඩුබායි හිදීත්, තෙවැනි තරගය ඇෆ්ගනිස්තානය සමග අබුඩාබි හිදීත් පැවැත්වේ.

මේ අතර සිම්බාබ්වේ තරග සංචාරය නිමාකළ ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායම එරට සිට සෘජුවම ආසියානු කුසලාන තරගාවලය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් දක්වා පැමිණීමට යෙදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...