අපේක්ෂා රෝහලේ ICU වැසේ. දොස්තරලා නැ.

Date:

මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයක් වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොවන බවට වාර්තා වේ.කෝටි 10කට අධික වටිනාකමකින් යුත් නවීන උපකරණ රැසක් සහිත මෙම ඒකකය, කොවිඩ් වසංගත සමයේදී ආරම්භ කර ඇත.

දැනට රෝගීන් 4 දෙනෙකුට එකවර ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති මෙම ඒකකයේ, ඇඳන් 4ක්, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර 3ක්, සහ ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු වටිනා උපකරණ අක්‍රියව පවතියි.රෝහල් ආරංචි මාර්ග පවසන්නේ එක් ඇඳක වටිනාකම රුපියල් ලක්ෂ 15ක් වන අතර, එක් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් රුපියල් කෝටි 2කට වඩා අධික බවයි.

කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් වුවත් වෛද්‍යවරුන් නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව රෝහල් සේවකයන් පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ රෝහලේ සැලසුම් අංශයේ වෛද්‍යවරුන් 5 දෙනෙකු සහ තොරතුරු තාක්ෂණ අංශයේ වෛද්‍යවරුන් 2 දෙනෙකු සේවය කරන බවයි.

මෙම තත්ත්වය නිසා රෝගී ජීවිත අවදානමකට ලක්ව ඇති බවත්, වටිනා උපකරණ රැසක් භාවිතයට නොගෙන නාස්ති වන බවත් ඔවුහු පවසති. ඒ පිළිබඳව රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඩිනම් අවධානය යොමු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ දැඩි සත්කාර ඒකකය සම්පූර්ණයෙන් වසා දමා නොමැති බවයි.ඔහු පෙන්වා දුන්නේ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා ඇති බවත්, මධ්‍යස්ථ තත්ත්වයේ රෝගීන් සඳහා ඒකකය තවදුරටත් භාවිත කරන බවත්ය. මෙම තීරණය ගැනීමට සිදුවූයේ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් බව ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...