රට ගොඩ නැගීමට වෘත්තිකයන් වශයෙන් වෙනස් වෙන්න.

Date:

‘ගුණාත්මක, කාර්යක්‍ෂම පොදු ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබාදීමට රජය පැත්තෙන් සියලු ක්‍රියාමාර්ගයන් ගෙන ඇති බැවින්, රට ගොඩ නැගීමට වෘත්තිකයන් වශයෙන් වෙනස් වී පවතින අවිධිමත් ක්‍රියාදාමය වෙනස් කිරීමට දායක වන්න’ යි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති උපදේශක, දුම්රිය තාක්‍ෂණ කළමනාකරණ සහකාර – විදුලි, දුම්රිය තාක්‍ෂණ කළමනාකරණ සහකාර – යාන්ත්‍රික, මූලික තාක්‍ෂණ ශිල්පී යන තනතුරුවල සුදුසුකම්ලත් පත්වීම්ලාභීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ 03, අරලියගහ මන්දිරයේ පිහිටි මහජන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති මෙම තනතුරුවලට බඳවා ගැනීම සඳහා 2025 ජූලි සහ අගෝස්තු මාසවලදී පවත්වන ලද ලිඛිත පරීක්‍ෂණයෙන් සුදුසුකම් ලැබූවන් සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිටීමෙන් පසු විධිමත් බඳවා ගැනීමේ පටිපාටියට අනුව පත්වීම් සඳහා තෝරාගෙන ඇත.

මෙම පළමු අදියරේ බඳවා ගැනීම් යටතේ උපදේශක තනතුරු 8 ක්, දුම්රිය තාක්‍ෂණ කළමනාකරණ සහකාර – විදුලි තනතුරු 47 ක්, දුම්රිය තාක්‍ෂණ කළමනාකරණ සහකාර – යාන්ත්‍රික තනතුරු 193 ක්, මූලික තාක්‍ෂණ ශිල්පී තනතුරු 81 ක් වශයෙන් බඳවාගත් අතර, පත්වීම්ලාභීන් සංඛ්‍යාව 329 කි.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ රජයේ ජාතික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ප්‍රකාරව මෙරට වැඩකරන ජනතාවට සහ පොදු මහජනතාවට ඉහළ ගුණාත්මක දුම්රිය සේවාවක් ඇතිකිරීමේ තිරසර වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර ඇත. ඒ යටතේ දුම්රිය සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය ක්‍රමිකව ක්‍රියාත්මක කරමින් පවතී.

මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා, දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) බණ්ඩාර චන්ද්‍රසේන, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (පාලන) දමයන්ති පරණගම යන මහත්ම මහත්මීහු සහ පත්වීම්ලාභීහු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...