අත්අඩංගුවට ගත් “ටිංකර්” රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Date:

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් “ටිංකර්” යන අය කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.

සැකකරු හෙට (03) දිනය දක්වා පැය 24ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහු ඊයේ (02) අලුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් පසු ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාරදී තිබුණි.

ඒ අනුව සැකකරු ඊයේ දිනයේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන් බව පොලීසිය පැවසුවේ.

සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර ඔහු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් කොච්චිකඩේ ශිරාන් නැමැත්තාගේ ගෝලයෙකු බව සඳහන් වේ.

පසුගිය අගෝස්තු මාසයේ පෑලියගොඩ ශ්‍රී ඥානරතන මාවතේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවරුන්ට ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනා ද ඔහුට එල්ල වී ඇති බව පොලීසිය පැවසුවේය

එමෙන්ම පසුගිය වසරේදී ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු ලෙස ද මොහු කටයුතු කර ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...