දස්කම් පෑ පැතුම් T20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

Date:

ICCය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ.

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 7වන ස්ථානයේ සිට ස්ථාන 2කින් මෙලෙස ඉදිරියට පැමිණ සිටියි.

එමෙන්ම එම තරගයේ දී සටන්කාමී අර්ධ ශතකයක් රැස්කළ කුසල් ජනිත්ද 11වන ස්ථානයේ සිට 9වන ස්ථානයට ඉදිරියට පැමිණ ඇත.

විස්සයි20 පිතිකරුවන් අතර පෙරමුණ ඉන්දියාවේ අභිෂේක් ශර්මාට හිමිව ඇත.

මේ අතර විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර අංක එකට පත්ව සිටි ඉන්දියාවේ හර්දික් පාන්ඩ්‍ය අභිබවා පෙරමුණ අත්පත් කරගැනීමට පාකිස්තානයේ සයිම් අයුබ් සමත්ව තිබේ.

ඔහු ජාත්‍යන්තර විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණ පළමු අවස්ථාව මෙය වේ.

අයුබ්ගේ පැමිණීමත් සමග පාන්ඩ්‍ය දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.

ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගද මෙම කාණ්ඩයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 6වන ස්ථානයට පැමිණ සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...