ලෝක ළමා දිනයේදී ශිෂ්‍යයෙකුගේ පහරදීමෙන් ගුරුවරයෙකු රෝහලේ

Date:

ලෝක ළමා දිනය යෙදුණ ඔක්තෝබර් (01) වෙනිදා මොනරාගල මහානාම ජාතික පාසලේ 11 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු පහරදීමෙන් ගුරුවරයෙකු රෝහල් ගත කර ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

ලෝක ළමා දිනය නිමිත්තෙන් මොනරාගල ජාතික පාසල සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා සහභාගී වන ළමයින් රැස්වීම් ශාලාව වෙත යැවීමට සූදානම් කරමින් සිටියදී එක් ශිෂ්‍යයෙකු ජංගම දුරකථන චාර්ජ් කරන පවර් බෑන්ක් එකක් සාක්කුවේ දමාගෙන සිටිණු දුටු ගුරුවරයා එය ලබාගෙන මෙහි ජංගම දුරකථනය කොහේදැයි විමසා ඇත.

ඒ අවස්ථාවේ ශිෂ්‍යයා විසින් ගුරුවරයාට පරුෂ වචනයෙන් බැණ ඇති අතර ගුරුවරයා විසින් සිසුවා අංශ භාර ගුරුවරයා වෙත ඉදිරිපත් කිරීමට කැඳවාගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ ශිෂ්‍යයා විසින් ගුරුවරයාගේ කම්මුලට පහරදී තිබේ. පහරදීමෙන් පසු සිසුවා පාසලෙන් පළා ගොස් ඇත.

පසුව ඒ පිළිබඳව ගුරුවරයා විසින් විදුහල්පතිවරයා දැනුවත් කොට ප්‍රතිකාර ගැනීම සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්වී තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ ආර්.ඒ ප්‍රියදර්ශන නැමති ගුරුවරයා පැවසුවේ, තමා සිසුවාව සන්සුන් කිරීමට උත්සාහ ගත්තත් අවනත නොවූ ශිෂ්‍යයා තමාට පහරදුන් බවයි. මොනරාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...