චීනයේ වසර 1500ක් පැරණි ඓතිහාසික විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වෙයි

Date:

ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

මෙලෙස විනාශවී ඇත්තේ ෂැංජියාගෑං හි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික යොංකිං විහාරස්ථානයේ මණ්ඩපයක් බව සඳහන්.

පසුගිය බදාදා (12) පෙ.ව. 11.24ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, එහි දේව මාළිගයේ තෙමහල් ලී වෙන්චැං මණ්ඩපයෙන් ගින්න හටගෙන තිබේ.

ඉන් අනතුරුව මණ්ඩපයේ කොන්ක්‍රීට් රාමුව පමණක් ඉතිරිව සියල්ල විනාශ වී ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර, චීන බලධාරීන් ගින්නට හේතුව විමර්ශනය කරමින් සිටී.

වසර 1500ක ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය 536 දී දකුණු ලියැං රාජවංශයේ ෆෙන්ගුවාං කන්දේ ඉදිකරන ලද්දකි.

යුවාන් රාජවංශයට අයත් ෂි නායියන්ගේ ආරාමය වූ වෙන්චැං මණ්ඩපයේ දී චීන සාහිත්‍යයේ විශිෂ්ට කෘති හතරෙන් එකක් ලෙස සැලකෙන ‘වෝටර් මාජින්’ රචනා කර ඇති බව සඳහන්.

මෙම විහාරස්ථානයේ සිටි භික්ෂූන් වහන්සේලා 1958 වසරේ දී එවක බලධාරීන් නෙරපා හැර ඇති අතර, ඉන් අනතුරුව මෙහි වර්තමාන මණ්ඩපය 1993 දී ප්‍රතිසංස්කරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...