මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ රැකියා අවස්ථා

Date:

දකුණු කොරියාවේ මානව සම්පත් අභිවර්ධන ආයතනය සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව මෙරට තරුණ තරුණියන් තුන්දහස් හාරසිය හැට නවයකට, E-9 වීසා කාණ්ඩය යටතේ ‍රැකියා අවස්ථා හිමි වී තිබේ.

ඒ අනුව දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 77 දෙනෙක් පසුගියදා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර සේවා, කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා E-9 වීසා කාණ්ඩය යටතේ මෙරට තරුණ තරුණියන්ට හිමි වේ.

මෙහිදී මෙම රැකියා සඳහා ඉල්ලුම්කරන්නන්, මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ වඩාත් විනිවිදභාවයකින් යුක්තව තෝරා ගනු ලබයි. ඊට අදාළ විභාගය පරිගණකය ආශ්‍රිතව පමණක් පැවැත්වෙන බවත්, ඒ සඳහා කිසිදු පාර්ශ්වයකට බලපෑම් කළ නොහැකි බවත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...