මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ රැකියා අවස්ථා

Date:

දකුණු කොරියාවේ මානව සම්පත් අභිවර්ධන ආයතනය සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව මෙරට තරුණ තරුණියන් තුන්දහස් හාරසිය හැට නවයකට, E-9 වීසා කාණ්ඩය යටතේ ‍රැකියා අවස්ථා හිමි වී තිබේ.

ඒ අනුව දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 77 දෙනෙක් පසුගියදා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර සේවා, කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා E-9 වීසා කාණ්ඩය යටතේ මෙරට තරුණ තරුණියන්ට හිමි වේ.

මෙහිදී මෙම රැකියා සඳහා ඉල්ලුම්කරන්නන්, මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ වඩාත් විනිවිදභාවයකින් යුක්තව තෝරා ගනු ලබයි. ඊට අදාළ විභාගය පරිගණකය ආශ්‍රිතව පමණක් පැවැත්වෙන බවත්, ඒ සඳහා කිසිදු පාර්ශ්වයකට බලපෑම් කළ නොහැකි බවත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...