මි.මී. 100ට වැඩි තද වැසි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Date:

බස්නාහිර, සබරගමුව පළාත් සහ මාතර, ගාල්ල සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා තද වැසි සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (15) ප.ව 03.00 නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (16) ප.ව 03.00 දක්වා වලංගු වෙයි.

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මාතර, ගාල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...