ආසියාවේ ආකර්ෂණීයම වෙරළ ලෙස ආරුගම්බේ වෙරළ පත්වෙයි

Date:

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය, ආසියාවේ ආකර්ෂණීයම සහ හොඳම වෙරළ තීරය බවට පත්ව තිබේ.

2026 වර්ෂය සඳහා ‘කොන්ඩේනාස්ට් ට්‍රැවලර් රීඩර්ස්’ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආරුගම්බේ වෙරළ තීරය පෙරමුණ ගෙන ඇති බව වාර්තා වෙයි.

සර්ෆින් ක්‍රීඩාව සඳහා ලොව ප්‍රසිද්ධම ගමනාන්තයක් වීම ආරුගම්බේ වෙරළ තීරය ආකර්ෂණීයම වෙරළ තීරය ලෙස ප්‍රකාශයට පත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වෙයි.

එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ තවත් වෙරළ තීරයන් 3ක් ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් 20 අතරට පත්ව තිබේ.

ඒ අනුව බෙන්තොට වෙරළ තීරය ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් අතර නව වන ස්ථානයට පත්ව ඇති අතර තංගල්ල වෙරළ තීරය 14වන ස්ථානයට හා මීගමුව වෙරළ තීරය එහි 19වන ස්ථානයට පත්ව ඇති බව සඳහන් වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...