කටුනායක හා රියාද් අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

Date:

මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී තිබෙන යුධමය වාතාවරණය යටතේ , ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ, සෞදි අරාබිය විසින් ඔවුන්ගේ රියාද් නුවර ගුවන් තොටුපොළ වසා දැමීමට ප්‍රතිචාර වශයෙන් , ශ්‍රී ලන්කන් ගුවන් සේවය 10/08 , 10/09 සහ 10/10 දින වල කටුනායක සිට රියාද් අතර ක්‍රියාත්මක වීමට නියමිත ගුවන් ගමන් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

එසේම තවදුරටත් , පවතින යුධමය වාතාවරණය යටතේ සෞදි අරාබිය සිය රියාද් නුවර ගුවන් තොටුපොළ වසා දැමීමට පියවර ගතහොත් , එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ද තවදුරටත් සිය ගුවන් ගමන් අත්හිටුවීමට සිදු විය හැකි බව ද දීපාල් පෙරේරා මහතා සදහන් කළේය .

මෙන්ම මේ වනවිටත් සෞදි අරාබියේ රියාද් නුවර වෙත පිටත්ව යාම සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ දී ගෙන තිබේ නම් , ඔවුන් සිය ප්‍රවේශ පත්‍ර මිළ දී ගත් ගුවන් ගමන් නියෝජිතයන් හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1979 හදිසි දුරකථන අංකය හෝ www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ කටුනායක ගුවන් තොටුපොළ විමසීමෙන් දැන ගත හැකි බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...