වෙසක් පොහෝ දිනය සංශෝධනයට ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Date:

එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියේ සඳහන්ව ඇත්තේ 2026 වසරේ මැයි මස 01 වැනි දින හා 30 වැනි යන දෙදින තුළම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයෙහි එළැඹෙන වසරේ මැයි මාසයේ 01 වැනි දින වෙසක් පුන් පොහොය දිනය ලෙසත් එළැඹෙන 30 වැනි දින අධි පොසොන් පුර පසළොස්වක පොහොය ලෙසත් යොදා ඇති බවය.

එහෙත් මැයි මස 01 වැනි දිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් එම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි සංවාදයක් නිර්මාණය වී ඇති බවත් එම ලිපියේ සඳහන්ව ඇත.

මේ සම්බන්ධව අවධානය යොමු කළ ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් සහ නැකත්කරුවන්ගේද අදහස් විමසා චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලවද විසා නැකත යෙදෙන එළැඹෙන මැයි 30 වැනි දින වෙසක් පොහෝ දිනය ලෙස යොදා ගැනීම බව තීරණය කළ බවත් එම ලිපියේ සඳහන්ව තිබේ.

ඒ අනුව එළැඹෙන වසරේ මැයි 30 වැනි දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පොහෝ දිනය හා සබැඳි චිරාගත ශාසනික මෙන්ම ආගමික කර්තව්‍යන් හා රාජ්‍ය උත්සව එම මැයි මස 30 වැනි දින යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලෙසත් මහානායක ස්වාමින්වහන්සේලා විසින් නිකුත් කළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් වගාව ප්‍රවර්ධනයට ආණ්ඩුවෙන් සල්ලි

පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී...

මුතුරාජවෙලට නව ඉන්ධන ගබඩා ටැංකි තුනක්

මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා...

ක්‍රිප්ටෝ කඩා වැටිම නිසා ට්‍රම්ප්ගේ සමාගමකට ඩොලර් මිලියන 238ක පාඩුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සමාගම, අප්‍රේල් සහ...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,000 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත...